පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය බවට පළ කර ඇති ප්‍රකාශය පිලිබඳව කතානායක නිවේදනයක්

පාර්ලිමේන්තුව වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් පසුගිය දිනක කර තිබූ ප්‍රකාශය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම මෙන්ම මහජන නියෝජිතයන්ගේ ජීවිතාරක්ෂාව සම්බන්ධව ද බලවත් තර්ජනයක් උද්ගත කර ඇති බැවින්,  මේ පිලිබඳව දැඩිව සැලකිලිමත් වන ලෙස ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු මෙන්ම විවිධ පාර්ශවයන් විසින් ද දිගින් දිගටම ගරු කථානායකතුමන්ගේ විශේෂ අවධානයට යොමු කර ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ කේන්ද්‍රස්ථානය වන පාර්ලිමේන්තුව පිලිබඳව පළ කර ඇති මෙම තර්ජනාත්මක ප්‍රකාශය කිසි ලෙසකින් හෝ සුළුවෙන් නොකතන ලෙස එම සෑම පාර්ශවයක් විසින්ම ගරු කථානායකතුමන්ගෙන් ඉල්ලීම් කර ඇත.

යළි පාර්ලිමේන්තුව රැස් වූ විගසම එය පාර්ලිමේන්තුවේ අවධානයට ද යොමු කර, සුදුසු ඉදිරි පියවර ගැනීමට අපේක්ෂා කරන බව ගරු කථානායකතුමන් දන්වා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *